Wednesday, October 23, 2024

General line - 0115112241

කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය පස්වරු 02.30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය යටතේ කඩුලු 05 කින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1ට බින්දුවක් ලෙස මෙම තරගාවලිවේ පෙරමුණ ගෙන සිටිනවා.

මේ අතර නැඟී එන ආසියානු කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවති තීරණාත්මක තරඟය ලකුණු 19කින් ජය ගනිමින්. 

තරඟාවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට පිවිසීමට නම් මෙම කණ්ඩායම් දෙකටම මෙම තරඟය අතිශය තීරණාත්මක වී තිබුණා.

ඒ අනුව තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 161ක් රැස් කළා.

පවන් රත්නායක පන්දු 26කදී ලකුණු 24යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත නියමිත පන්දුවාර 04දී ලකුණු 23ක් පමණක් ලබා දී කඩුලු 03ක් දවා ගත්තා. තරඟයේ වීරයා සම්මානය හිමි වූයේද ඔහුටයි.