Wednesday, October 23, 2024

General line - 0115112241

හොඳම අමාත්‍යංශය ගැන ප්‍රියන්ත මායාදුන්නේගෙන් අනාවරණයක්




ලේකම්වරයෙකු ලෙස තම සේවා කාලය තුළ කිසිදු බලපෑමකට ලක් නොවූ අමාත්‍යංශයක් ලෙස අධිකරණ අමාත්‍යංශය හඳුන්වාදිය හැකි බව මෙරට කීර්තිමත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අලි සබි්‍ර අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා ලෙස එවක කටයුතු කළ බවයි. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.


බන්දුල ගුණවර්ධන මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එහි ලේකම්වරයා ලෙස කටයුතු කළේ ප්‍රියන්ත මායාදුන්නේ මහතායි.

ඔහු පැවසුවේ තමා ලේකම්වරයෙකු ලෙස කටයුතු කිරීමේදී රාජකාරී සිදු කිරීමට අප්‍රසන්න අත්දැකීම් සහිත අමාත්‍යංශය බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පත්වූ බවයි.