Wednesday, October 23, 2024

General line - 0115112241

ආරුගම්බේ ප්‍රදේශයේ අනතුරු ඇඟවීම පිළිබඳ බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙස්




ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බ්‍රිතාන්‍ය  රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින අමෙරිකානු ජාතිකයින්ට දැනුම් දීමක් සිදුකර ඇත්තේ.