Monday, November 25, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ දුරකථන දත්තවලට චීනයෙන් සයිබර් ප්‍රහාරයක්




ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් සභික ජේ ඩී වැන්ස්ගේ දුරකථන හා අන්තර්ජාලවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට චීනයට උත්සාහ දරා තිබෙනවා.

ඔවුන් භාවිතා කළ දුරකථන සයිබර් ප්‍රහාරය සඳහා ප්‍රධාන ඉලක්කය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

හැරිස්-වෝල්ස් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් ද සයිබර් ප්‍රහාරයේ ඉලක්ක වී ඇති බව සඳහන්.

එෆ් බී අයි ඒජන්සිය සඳහන් කරන්නේ චීනයට අනුබද්ධ ආයතනයකින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමට උත්සහයන් කර ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇමෙරිකාව පුරා සිටින නියෝජිත ආයතන මෙම තර්ජනය අවම කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සයිබර් ප්‍රහාර උත්සහය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.