Sunday, November 24, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 1,000 ඉක්මවයි




මහමැතිවරණයට අදාළ තවත් පැමිණිලි 103ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම පැමිණිලි ලැබී ඇත්තේ ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24 තුළදීයි.

එම පැමිණිලි 103ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව පසුගිය මස 26 වනදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1,042ක්.

එම පැමිණිලි අතරින් පැමිණිලි 863ක් විසඳීම සඳහා මේ වන විටත් කටයුතු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.