Monday, December 2, 2024

General line - 0115112241

නව ආණ්ඩුව පළමුව අත ගසන වැඩ ගැන ජනපති පහදයි




සිය ආණ්ඩුව යටතේ පළමුවෙන්ම විසඳන ගැටලු පිළිබඳව මේ වන විටත් අවදානය යොමු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

උතුරේ ජනතාවගේ ගැටලුවලට ද විසඳුම් ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ, ජාතික ජන බලවේගය යාපනය ප්‍රදේශයේ සංවිධානය කළ ජන හමුවකට එක්වෙමින්.


කෙසේවෙතත් කොටගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.


2028 වසරේ සිට යළි ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම් වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, පාදුක්ක ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. 


මේ අතර මීළඟ දශකයේ රටේ තීරණාත්මක සාධකය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.