Wednesday, February 5, 2025

General line - 0115112241

බියගම කර්මාන්ත ශාලාවක් ගිනිගනී!




පෑලියගොඩ – බියගම  නාරම්මිනිය මාර්ගයේ  කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

තීන්ත නිෂ්පාදන  කර්මාන්ත ශාලාවක රසායනාගාර අංශයේ  අද (26) පස්වරුවේ මෙම ගින්න හටගත් බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පෑලියගොඩ පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ වන විට සිදු කරන බව වාර්තා වෙයි.

ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නොමැති අතර පෑලියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.