Friday, September 20, 2024

General line - 0115112241

‘රට බෙදන හතරක්’ සමග හේමකුමාර කරළියට!




පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු රාජ්‍ය නොවන සංවිධාන 12ක් සමග එක්ව රට බෙදීමට කටයුතු කරමින් ඇතැයි මව්බිම ජනතා පක්ෂය පවසනවා.

එහි නායක දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළා.

 

ඉදිරියේදී නම් ගම් සහිතව ඔවුන් ගැන තොරතුරු හෙළි කිරීමට සුදානම් බව ද ඔහු පවසා සිටියා.

රණවිරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට රැක ගත යුතු බවත් උතුරේ කඳවුරු ඉවත් කිරීමේදී ඒ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත් තමන් පෙඩරල් ක්‍රමයකට සහය නොදෙන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළා.