Friday, September 20, 2024

General line - 0115112241

යහපාලනේ වෙනුවෙන් ‘ජීවිතයත් සමග සෙල්ලම් කළ හැටි’ ගැන ඇමති සජිත් කියයි




නවීන් දිසානායක සහ ඉන්දික බණ්ඩාරනායක යන අමාත්‍යවරුන් සමග තමන් ගමන්ගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානය නුවරඑළිය සීතාඑළිය ප‍්‍රදේශයේ එළවළු වගා බිමකට හදිසියේ ගොඩබැස්වීම සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද අදහස් පළ කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සිද්ධිය හරහා යහ පාලන ආණ්ඩුවේ කි‍්‍රයාකාරීත්වය මැනවින් පැහැදිලි වන බවයි.

පෞද්ගලික හෙලිකොප්ටර් යානයක ගමන් කළේ ඇයි දැයි තමාගෙන් බොහො දෙනා විමසන බවත් යහපාලන රජයේ ක්‍රියා පිළිවෙත අනුව රජයේ හෙලිකොප්ටර් රථයක ගමන් කළ හැක්කේ ජනපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පමණක් බව ඒ මහතා ප්‍රකාශ කළා.

‘‘දයා ගමගේ මහතාට පිං සිද්ධ වෙන්න සිංගල් එන්ජින් හෙලිකොප්ටර් එකක අපි ගියා.මගෙන් අහන ප්‍රශ්ණය තමයි සිංගල් එන්ජින් හෙලිකොප්ටරයක යනකොට අන්තරාදයක නැද්ද ජීවිතයත් එක්ක සෙල්ලමක්ද කළේ? මටත් තිබුණා බෙල් ටූ වන් ටූ එකක් ඕඩර් කරන්න ලේකම් තුමියට කියන්න ගෙවල් හදන්න තියන සල්ලි වලින් බිල ගෙවන්න. නුවර එළියට යන්න රජයේ හෙලිකොපටර් පාවිච්චි කළා නම් ඒකේ බිල ගෙවන විට නිවාස නොමැති ප්‍රතිලාභින් ගණනාවකට මුදල් අහිමි වෙනවා ඇයි ඇමතිවරයට බිල ගෙවන්න ඔන්න මිත්‍රවරුනි යහපාලනය‘‘ යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘‘කන්ස්ට‍්‍රක් 2016’’ ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති උත්සවයට එක්වෙමින්. මෙවරත් මෙම ප‍්‍රදර්ශනය සඳහා මාධ්‍ය අනුග‍්‍රහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.