ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලබන තීරණයෙන් අනතුරුව ඉදිරි කටයුතු සැලසුම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ කෙසේදැයි නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මේ බව ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා පැවසුවේ.
එම මැතිවරණයට අදාළව ඉදිරිපත් වූ නාම යෝජනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා යළි නාමයෝජනා කැඳවිය යුතු බවයි.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට නව නාමයෝජනා යටතේ තරග කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් බව පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවා.