ආබාධයකට ලක් වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පන්දු යවන්නෙකු වන ජෙරල්ඩ් කොට්සිට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමිවි තිබෙනවා
ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු යවමින් සිටියදී ඔහු ආබාධයකට ලක් වුණා.
ඔහුගේ උකුල ආසන්නයේ හටගත් ආබාධයක් හේතුවෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ, ඔහු සති 06 ක පමණ කාලයක් විවේක ගතයුතු බවයි.
ඒ අනුව ලබන 05 වනදා ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි දෙවන හා අවසන් ටෙස්ට් තරගය කොට්සිට අහිමිවනු ඇති.
එමෙන්ම දකුණු අප්‍රිකාවේදී පාකිස්තානය සමඟ ඉදිරියේදී පැවැත් වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ද ජෙරල්ඩ් කොට්සිට අහිමි වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පැවසුවේ.
කොට්සිගෙන් පුරප්පාඩුවන ස්ථානයට යොවුන් වේගපන්දු යවන්නෙකු වන ක්වේනා මෆාකා කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇති බවද වාර්තා වුණා.