Wednesday, February 5, 2025

General line - 0115112241

අමෙරිකානු ජනපති ට්‍රම්ප්, ගාසා තීරය ඉල්ලයි




අමෙරිකාවට ගාසා තීරය පවරාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

ඒ, ධවල මන්දිරයේ සංචාරයක නිරත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු සමග මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකාව ගාසා තීරය පවරාගෙන එහි සිටින පලස්තීන වැසියන් සාමකාමී සහ සංවර්ධිත රටවල පදිංචි කිරීමට සූදානම් බවයි. 

එමෙන්ම අමෙරිකාව විසින් ගාසා තීරය සංවර්ධනය කිරීමට සූදානම් බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු යනු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අමෙරිකාවට පැමිණි පළමු රාජ්‍ය නායකයායි.