ඉදිරි මාස 04 සඳහා ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩුවෙන් අද ප්‍රශ්න කළා.
ඊට සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නා.
ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රශ්නයක් යොමු කළා.
ඊට කථානායක අශෝක රංවල මහතා පිළිතුරු ලබාදුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම සංවාදයට එක් වුණා.
ඊට සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාල යෝජනාවට අදාල විවාදය ආරම්භ කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින්.
මේ, විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.