මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාලව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා.
ඒ, කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.
මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව සකස් කළ කමිටු වාර්තාව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව විසින් ඊයේ දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදෙනු ලැබුවා.