Wednesday, December 4, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් වින්දිතයින්ට සාධාරණය ඉටු වෙයි




කොට්ටාව, තලගල මාර්ගයේ දීපන්ගොඩ හන්දිය ආසන්නයේදී රිය අනතුරක් සිදුකර පොලිස් අත්අඩංගුවේ සිටියදී පලා ගිය සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අදාල සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට කහතුඩුව පොලිස් ස්ථානය සමත් වී නොමැති බවට නෙත් නිවුස් සිදුකල අනාවරණයෙන් පසුවයි. 

ඒ අනුව ගල්කිස්ස දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මනගේ මහතාගේ උපදෙස් පරිදි සැකකරු අත්අඩංගුවට ගැණුනා.

අදාල අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. 

ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ට පොලිසියෙන් සාධාරණයක් ඉටු නොවූ බවයි ඥාතියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. නෙත් නිවුස් කළ එම අනාවරණයෙන් පසු අදාල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අදාල ඥාතියා කියා සිටියා.