Thursday, December 5, 2024

General line - 0115112241

උතුරේ මහවිරු සැමරුම් ගැන විශේෂ ප්‍රකාශයක්

උදය කුමාර




උතුරේ මහ විරු සැමරුම් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රචාර සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 

එහිදී ඔහු කියා සිටියේ එල් ටී ටී ඊ සංකේත ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් පියවර ගෙන ඇති බවයි. 

උතුරේ සැමරුම් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ඡායාරූප, පසුගිය වසරවල වෙනත් රටවල සිදු කළ උත්සවවල ඡායාරූප බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. 

මෙවැනි ව්‍යාජ ප්‍රචාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී අදහස් පළ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසු උතුරේ එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීමට ඉඩ ලබාදුන් බවට ඇතැමුන් ඒත්තු ගැන්වීමට කටයුතු කරන බවයි.