ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමේදී ගැටලු රැසකට මුහුණ පානු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද දෙවන දිනටත් විවාදයට ගත් අවස්ථාවේදීයි.
ජන වරම ආරක්‍ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.
මේ අතර දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයට මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඊට සභානායක බිමල් රත්නායක මහතාද මැදිහත් වුණා.
මේ අතර පාර්ලිමේන්තුව අද රාත්‍රී 09යි 30 දක්වා පැවැත්වීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ ඡන්ද විමසීම පස්වරු 05යි 30ට පැවැත්වෙන අතර අනතුරුව ආපදා තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පසුව පැවැත්වෙනු ඇති.