වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ මෙතෙක් සියලු තරඟ ජය ගත් පළමු කණ්ඩායම බවට පත් වීමට ශ්රී ලංකාව සමත් වී තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමග පැවති තරඟයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228ක් රැස් කළා.
විශිෂ්ට පිති හඹයක නිරත වූ, විමත් බිම්සර ලකුණු 106යි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු තුනක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 221න් පමණයි.
ඒ අනුව වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්රී ලංකා පිළ සමත් වී තිබෙනවා. ඒ, සහභාගී වූ තරඟ තුනම ජය ගනිමින්.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා ගැනීමටද හැකි වුණා.
ඉන්දියාව පවා පකිස්ථානය හමුවේ පරාජය වීම හේතුවෙන් මේ දක්වා තරඟාවලියේ එකම අපරාජිත කණ්ඩායම ශ්රී ලංකාවයි.