පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් ඔහු පැවසුවේ පොල් ගෙඩි ලක්ෂ 10ක් ඉදිරි සති දෙක තුළ බෙදා හැරීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ සතොස හරහා රුපියල් 220ක සහතික මිලට අද සිට සහල් ලබා දෙන බවයි.
දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් සතොසට නිකුත් කිරීමට මෝල් හිමියන් එකඟ වී ඇති බවද ඔහු පැවසුවා.
ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද දෙවන දිනටත් විවාදයට එක්වෙමින්.
මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.