Thursday, December 5, 2024

General line - 0115112241

දකුණු කොරියානු ජනපතිට එරෙහිට දෝෂාභියෝගයක්




දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා. 

ඊට අදාළ විවාදය මෙම සතිය අවසානයේ පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

යූන් සුක් යෝල්, දකුණු කොරියානු ජනාධිපති ධුරයට පත් වූයේ පැවති මැතිවරණයෙන් සියයට බින්දුවයි දශම 07ක ප්‍රතිශතයකින් පමණක් ඉදිරියෙන් සිටිමින්. 

ඔහු ජනප්‍රිය දේශපාලඥයෙකු නොවන බැවින් දෝෂාභියෝගය අවාසිදායක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

දකුණු කොරියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණේ රට පුරා යද නීතිය පැනවීමට තීරණය කිරීමත් සමගයි. 

එහෙත් එරට පාර්ලිමේන්තුව ඊට විරෝධය පෑමත් සමග ජනාධිපතිවරයාට එම තීරණය හකුළා ගැනීමට සිදු වුණා. 

කෙසේවෙතත් ජනතාව දිගින් දිගටම වීදි බසිමින් ඉල්ලා සිටින්නේ දකුණු කොරියානු ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසටයි.