ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි, උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකින් පසුවයි.
ඒ අනුව ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.
එම විශ්ලේෂණයෙන් අනතුරුව තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතයි.
සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි යළි ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මීට පෙර දැනුම් දීමක් සිදු කර තිබුණා.
ඒ අනුව සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි පිළිබද සමීක්ෂණ මේ වන විට ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුකෙරෙමින් පවතිනවා.
සිවිල් පුද්ගලයින් සඳහා ගිනිඅවි 1,500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඇතැම් පුද්ගලයින්ට එක් ගිනිඅවියකට වඩා වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවට ද තොරුතුරු ඇතැයි සඳහන්.