අප්‍රිකානු මහද්වීපයේ පැවති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරඟාවලි තුනකට සහභාගී වී ජයග්‍රහණ හිමි කරගත් හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න යළි දිවයිනට පැමිණියා.
ඔවුන් දෙදෙනා එම තරඟාවලියෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වුණා.
හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙසයි සැලකෙන්නේ.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.