Wednesday, December 4, 2024

General line - 0115112241

රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට




අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටී පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.. 

මෙම කොස්තාපල්වරිය ඉකුත් අගෝස්තු මස 16 දින ශ්‍රී මහා බෝධි විහාරයේ විහාර මන්දිරය තුළ  රාජකාරී කරමින් සිටින අතරතුර සැකකාර උප පොලිස් පරීක්ෂක , එහි අධීක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කර ඇති බව සඳහන් වෙනවා. 

කොස්තාපල්වරිය එහි රාජකාරී කටයුතු කරමින් සිටින අතරතුර සැකකාර  උප පොලිස් පරීක්ෂකවරයා ඇයට ලිංගික අතවර සිදු කළ බවට කොස්තාපල්වරිය අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත. 

එම පැමිණිල්ල අනුව දීර්ඝ  විමර්ශනක් පවත්වා සැකකාර උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.