තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ බණ්ඩාරගම පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බවට ලද තොරතුරකට අනුව විමර්ශනය කර 2024.11.30 දින ඔහු පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර පරීක්ෂා කිරීමේදී ඔහු තදින්ම අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම කරුණු සැලකිල්ලට ගෙන කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එක් ඔහු වැඩ තහනමට ලක් කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.