ජනාධිපති මන්දිර සහ ඇමති නිල නිවාස සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අදාළ ගොඩනැගිලිවල පුරාවිද්‍යා වටිනාකම් සහ සංචාරක ක්ෂේත්‍රයට දායක කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් සොයාබලා එම වාර්තාව ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
එම වාර්තාව ලැබුණු පසු ජනාධිපති මන්දිර සහ ඇමති නිල නිවාස සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර තීරණය කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංසදයේ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදීයි.
කොළඹ ජනාධිපති මන්දිරය පමණක් ජනාධිපතිවරයාගේ රාජකාරි සඳහා භාවිතයට ගැනීමට නියමිත බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.