අධික වටිනාකමකින් යුත් වාලම්පුරි හතරක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාදම්පේ හා වෙන්නප්පුව පොලිස් වසම්වල සිදුකල වැටලීම්වලදීයි.
එහිදී අධික වටිනාකමකින් යුත් වාලම්පුරි 04 ක් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මාදම්පේ හා වෙන්නප්පුව ප්රදේශවල පදිංචි වයස අවුරුදු 41 හා 42 වයස්වල පසුවන පුද්ගලියන් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කරුවලගස්වැව වන ජීවී කාර්යාලය වෙත භාරදුන් බවයි පොලිසිය පැවසුවේ.