Thursday, February 6, 2025

General line - 0115112241

නාවික හමුදාවේ 2,138 දෙනෙකුට උසස්වීම්




ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138 දෙනෙකු අද සිට ඉහළ නිලයට උසස් කර තිබෙනවා. 

ඒ, අදට යෙදී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීවයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මත එම උසස් වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය නැව් තරාතිරම දක්වා නිලධාරින් 158 ක්, බල නැව් තරාතිරම දක්වා නාවිකයින් 270 ක් , නායක නැව් තරාතිරම දක්වා නාවිකයින් 406 ක්, සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 391 ක් සහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 දෙනෙකු උසස් වීම් ලැබූ පිරිසට අයත්. 

සමූහ ප්‍රධාන සුළු නිලධාරි දක්වා නාවිකයින් 354 ක් සහ ප්‍රධාන සුළු නිලධාරින් දක්වා නාවිකයින් 11 දෙනෙකුට ද එලෙස උසස්වීම් ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.