සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ අතර නව සුරාබඳු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ එල් උදය කුමාර පෙරේරා මහතා පත්කර තිබෙනවා. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙකු ලෙස මීට පෙර කටයුතු කළා.
සුරාබඳු කොමසාරිස් ජනරාල් තනතුරේ කටයුතු කළ යූ ඩී එන් ජයවීර මහතා යළි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කෙරුණා.
මේ අතර සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරනු ලබන පී එම් කේ හෙට්ටිආරච්චි මහතා පත් කර තිබෙනවා.