Thursday, December 26, 2024

General line - 0115112241

දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පොලීසිය වටලයි




දකුණු කොරියාවේ ජනාධිපති කාර්යාලය එරට පොලිසිය විසින් වටලා තිබෙනවා. 

ඒ, දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යොල් විසින් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහය අසාර්ථක වී සතියකට පසුවයි. 

කොසේවෙතත් පොලිසිය විසින් වටලන අවස්ථාවේ ජනාධිපතිවරයා කාර්යාලයේ නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

යුද නීතිය ප්‍රකාශ කළ දින රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීම්වලට අදාළ වාර්තා අත්පත් කර ගැනීම මෙම වැටලීමට ප්‍රධාන හේතුවයි.

මේ අතර හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-යුන්, අත්අඩංගුවේ සිටියදී ඊයේ පස්වරුවේ සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා. 

ජනාධිපතිවරයා සහ ඔහුගේ සහයකයින්ට මේ වන විටත් චෝදනා රැසක් එල්ල කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට සංචාරක තහනමක් ද පනවා තිබෙනවා.

පසුගිය සති අන්තයේ, දකුණු කොරියානු ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමේ විපක්ෂයේ උත්සාහය අසාර්ථක වුණා. 

ඒ, ඔහුගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය වර්ජනය කිරීමෙන් පසුවයි. 

නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ මෙම සති අන්තයේ ද තවත් දෝෂාභියෝගයක් ගෙන එන බවයි.