Thursday, December 26, 2024

General line - 0115112241

චීනය ගැන තායිවානයෙන් අනතුරු ඇඟවීමක්




චීන හමුදාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තායිවානය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දශක තුනකට ආසන්න කාලයක් තුළ චීනය තම විශාලතම නාවික බලඇණිය කලාපීය මුහුදේ යොදවා ඇති බවයි. 

2022 දී හිටපු එක්සත් ජනපද මන්ත්‍රී සභා කථානායක නැන්සි පෙලෝසි දිවයිනට පැමිණි අවස්ථාවේ හමුදා අභ්‍යාසවලට වඩා එම යෙදවීම විශාල බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. 

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සිය රට ආසන්නයෙන් පසුගිය පැය 24 තුළ චීන ගුවන් යානා 47ක් සහ යුද නැව් 12ක් සොයාගෙන ඇති බවයි. 

පසුගිය මාස දෙක තුළ දිවයින ආසන්නයේ එක් දිනක් තුළ හමු වූ විශාලතම ගුවන් යානා සංඛ්‍යාව මෙය බවත්, එය දිවයින පුරා චීන යුද අභ්‍යාස උත්සන්නවීමක් පෙන්නුම් කරන බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.

චීනය සහ තායිවානය අතර ආතතීන් උත්සන්න වීමක් මෙම යෙදවීම සලකුනු කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.