Thursday, December 26, 2024

General line - 0115112241

විදුලි බිල අඩු කිරීම ගැන තීරණය ජනවාරි 17




විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ලබන ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මේ වන විට මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබා දී තිබෙනවා. 

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මෙම විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. 

ඒ පිළිබඳ මහජන අදහස් විමසීම දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි. 

ඒ වෙනුවෙන් ලිඛිත අදහස් භාරගැනීම ජනවාරි මස 08 වනදා දක්වා සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. 

වාචික අදහස් ලබාගැනීම පළාත් මට්ටමින් සිදුකිරීමට නියමිතයි.