ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු එළඹෙන ජනවාරි 01 වනදා සිට විශ්‍රාම ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා කාලය මෙම මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබුණා.
නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, ඒ මහතාගේ දීර්ඝ ආරක්ෂක සේවා ඉතිහාසය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු එතැන් සිට සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේ ද නැතහොත් රඳවා ගන්නේ ද යන්න රජය තවමත් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.