Wednesday, January 1, 2025

General line - 0115112241

රජය ආනයනය කළ පළමු සහල් තොගය දිවයිනට ළඟා වෙයි




රජය විසින් ඇණවුම් කළ පළමු සහල් තොගය ඊයේ දිවයිනට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ සහල් මෙටි්‍රක්ටොන් 780 ක තොගයක් එලෙස දිවයිනට ළඟා වූ බවයි. 

එම සහල් තොග ලංකා සතොස හරහා බෙදා හැරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මේ වන විට සහල් මෙටි්‍රක්ටොන් 75,000 ක් මෙරටට ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය සිදුකර තිබෙනවා.

ඉන් මෙටි්‍රක්ටොන් 32,000 ක් කැකුළු සහල් වන අතර, මෙටි්‍රක්ටොන් 43,000 ක් නාඩු සහල් බවයි වාර්තා වන්නේ. 

සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන 10 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය දා රජය පියවර ගත්තා. 

ඒ අනුව පසුගිය 26 දා සිට රේගුව විසින් නැවතත් සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. 

එහිදී ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 72,000 ක් පසුගිය 27 වනදා උදෑසන වන විට රේගුව හරහා නිෂ්කාශනය කර තිබෙනවා.

ආනයනය කරන ලද සහල් හැකි ඉක්මනින් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සමඟ එක්ව රේගුව විසින් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ.