අද දිනයේ කොළඹ නගරයට එකතුවන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගරසභාව පවසනවා.
කොළඹ මහ නගරසභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ කොළඹ නගරයට රැගෙන එන අපද්‍රව්‍ය නිවැරදි ආකාරයෙන් බැහැර කරන ලෙසයි.
එමෙන්ම දෛනික රාජකාරි සඳහා කොළඹ නගරයට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව කසළ බැහැර කිරීම අවම මට්ටමක පවත්වා ගැනීම වැදගත් වන බවද කොළඹ මහ නගරසභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළා.