රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් සන්තකව සිටි සැකකරුවෙකු පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක නගරයේ මත්පැන්හලකදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී මත්පැන් මිලදී ගැනීමට අදාල සකකරු උත්සාහ දරා ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේදී අදාළ මත්පැන්හලේ කළමනාකරුට ඇති වූ සැකයක් මත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.