සාම්පූර්, නොර්වේ දූපත ආසන්නයේදී අනතුරකට ලක්ව තිබූ බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පස්දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සාම්පූර්, නොර්වේ දූපත ආසන්නයේදී ගල්පරයක හැපීමෙන් එම යාත්‍රාව මුහුදු බත්වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අල්ලන ලද මසුන් ගොඩබෑමට ත්‍රිකුණාමලය ධීවර වරායට යාත්‍රා කරමින් සිටියදී සිදු වූ මෙම අනතුර යාත්‍රාවේ සිටි ධීවර පිරිස පණිවිඩ හුවමාරු ඔස්සේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ලැබුණු එම පණිවිඩය ඔස්සේ වහාම ක්‍රියාත්මක වූ එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීමක් අනුව නාවික හමුදා නිලධාරින් එම ස්ථානයට ගොස් අනතුරට ලක්ව සිටි ධීවරයින් පිරිස බේරාගෙන ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
එලෙස අනතුරකට ලක්ව නාවික හමුදාව විසින් බේරාගෙන ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක්.
අනතුරට ලක් වූ යාත්‍රාවේ හිමිකරු ද ඒ අතරට අයත්. නාවික හමුදා විසින් බේරාගත් එම ධීවරයින් පස්දෙනා අද අලුයම ත්‍රිකුණාමල ධීවර වරායට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.