මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාවට අදාළවයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු බටගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.