රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්. කොමිෂන් සභා, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් සභාවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමටත් සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථානගත කර උපරිම සේවාවක් ලබා ගැනීමත් මෙහි අරමුණ වනවා.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් අදාළ නිලධාරි කමිටුව පත් කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.