මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පොලිස් ස්ථානයේ ස්ථාන මාරු කළ නිලධාරීන් වෙනුවට මෙතෙක් නියමිත නිලධාරීන් පැමිණ නොමැති බව වාර්තා වනවා.
වාර්ෂික ස්ථාන මාරු යටතේ එම පොලිස් ස්ථානයේ නිලධාරින් 30 දෙනෙකු මාරු කර තිබෙනවා.
කෙසේවෙතත් ඒ වෙනුවට මෙතෙක් සේවයට වාර්තා කර ඇත්තේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පමණයි.
මේ හේතුවෙන් දළදා මාළිගාවේ ආරක්ෂක කටයුතු සහ දළදා මාළිගාව වෙත පැමිණෙන සැදැහැවතුන් හැසිරවීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
නව වසර ආරම්භයේදී සැදැහැවතුන් විශාල පිරිසක් දළදා මාළිගාවට පැමිණ ඇති අතර එම ජනතාවද අපහසුතාවන්ට ලක්ව තිබෙනවා.
දළදා මාළිගා පොලිස් ස්ථානයේ සේවය සඳහා පොලිස් නිලධාරින් 221ක් සේවයට යොදවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.