බෝ ගසක අත්තක් කඩා වැටී බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දික්කසාද නඩුවකට නඩත්තු නොගෙවීම මත මාස 05 බැගින් වූ සිර දඬුවම් දෙකක් මත එම රැඳවියා පසුගිය නොවැම්බර් මාසයේදී බන්ධනාගාරගත කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පැවසුවේ.
එම රැඳවියා දෙවිනුවර ප්රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් පසුගිය දෙවනදා සිදු වූ අනතුරෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී බරපතල තුවාල ලැබූ තවත් රැඳවියෙකු එදිනම ජීවිතක්ෂයට පත් වුණා.
තුවාල ලැබූ රැඳවියන් 06 දෙනෙකු සුවය ලබා ඊයේ දිනයේ රෝහලෙන් පිටව ගිය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව තුවාල ලැබූ රැඳවියන් තිදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබනවා.
මාතර බන්ධනාගාරයේ වාට්ටු සංකීර්ණයක් යාබද බෝ ගසක අත්තක් කඩා වැටී වාට්ටු දෙකකට අලාභ හානි සිදු වුණා.
එම වාට්ටු දෙකෙහි රැඳවියන් 60 දෙනෙකු පමණ රඳවා සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
සිදුවූ ඔවුන්ගෙන් රැඳවියන් 55 දෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර තිබෙනවා.