Friday, January 3, 2025

General line - 0115112241

රාජ්‍ය සේවක කප්පාදුවක් නැහැ - ආණ්ඩුවෙන් ප්‍රකාශයක්




2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිශ්කාෂනය ලැබී තිබෙනවා. 

ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. 

රාජ්‍ය ආයෝජන අධීක්ෂණ හා ඇගයීම් කමිටුව ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා. 

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රාජ්‍ය සේවක කප්පාදුවක් සිදු කිරීමට රජයේ සූදානමක් නොමැති බවයි.