Sunday, January 5, 2025

General line - 0115112241

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන රථවාහන හදිසි පරික්‍ෂාවකට

රංජිත් රාජපක්ෂ




ශ්‍රීපාද වන්දනාවේ නිරත වන බැතිමතුන් රැගෙන එන රථ වාහන අද හදිසි පරික්‍ෂාවකට පත් කෙරුණා. 

ඒ, නල්ලතන්නිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්. 

එහිදී මස්කෙලියේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගි ප්‍රවාහන බස් රථ, වෑන් රථ ද හදිසි පරික්ෂාවට ලක් කළ බවයි පොලීසිය පැවසුවේ. 

මෙම පරික්ෂාවේදි වාහනවල මගීන්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවි කර තිබු අමතර කොටස් ගලවා ඉවත් කිරිමටත්, සංඥා ලාම්පු ඇතුළු මෝටර් රථ අඥා පනතේ වාහනයක් ධාවනය කිරිමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි මෙම පරික්ෂාවේදි වැඩි අවධානය යොමු කර තිබෙනවා. 

අඩුපාඩු සහිත වාහන සඳහා ඒවා සකස් කර ගැනීමට රියදුරන්ට දින 14ක කාලයක් ලබාදුන් බවයි පොලීසිය පැවසුවේ. 

එම කාලය අතරතුර අදාළ වාහන ධාවනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් වාහන අදායම් බලපත්‍රද පොලිස් භාරයට ගෙන තිබෙනවා.