විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් එම ගුවන් මගීන් අතර තරුණියක් ද වනවා.
සැකකරුවන් සන්තකයේ තිබී දුම්වැටි 39,600ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තරුණිය බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය පැවසුවේ.