Sunday, January 5, 2025

General line - 0115112241

හැටන්හිදී බස්රථ හදිසියේ පරික්‍ෂා කෙරේ

රංජිත් රාජපක්ෂ




ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද හැටන් සිට ගමන් ආරම්භ කරන සහ හැටන් දක්වා පැමිණෙන කෙටිදුර සහ දුර සේවා බස් රථ හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා. 

එහිදී මගින්ට සහ මහජනතාවට අනතුරක් සිදුවිය හැකි අන්තරාදායක අමතර කොටස් සවි කර ධාවනය කල බස් රථ 12ක රියදුරන්ට එරෙහිව පොලීසිය විසින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එමෙන්ම එම බස්රථවල අන්තරාදායක කොටස් ගලවා ඉවත් කිරිමට හැටන් පොලිසිය පියවර ගෙන තිබෙනවා.