රට තුළ ඇති වූ සහල් හිඟයත් සමඟ සහල් ආනයනට අවසර ලබාදීමෙන් පසු මේ දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ එක් දහසක් නිශ්කාෂනය කර වරායෙන් මුදාහැර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ කැකුළු සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 61,000ක් එලෙස වරායෙන් මුදාහැර ඇති බවයි. සහල් ආනයනය සඳහා ලබාදී ඇති කාලය මෙම මස 10වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.