නේපාල දේශසීමාව ආසන්නයේ ටිබෙට් රාජ්‍යයේ අද උදෑසන සිදුවූ භූ කම්පනයෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 95 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රික්ටර් මාපක 7යි දශම 1ක ප්‍රබලත්වයකින් සිදුව ඇති එම භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 130 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ප්‍රභල භූ කම්පනයෙන් පසු තවත් පසු කම්පන මාලාවක් ද සිදුව තිබෙනවා.
එම භූ කම්පනයේ බලපෑම අසල්වැසි ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවකට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.