පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් මහජනතාවට අත්පත් කර දීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ඇතැම් අවස්ථාවල සංශෝධනය කිරීම ආණ්ඩුවට ඇති අයිතියක් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
2024 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එම විවාදය ආරම්භ කරමින් විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විවාදයේ පිළිතුරු කතාව සිදුකලේ මෙලෙසයි.