වාහනවල සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීමේ අරමුණ වන්නේ පුරවැසියාගේ ජීවිත ආරක්ෂා කිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අදාල අමතර උපාංග ඉවත් කිරීම සඳහා 19 වනදා තෙක් කල් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
ජනතාවගේ එකඟතාවකින් තොරව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.