Saturday, January 11, 2025

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාර රෝහලේ මුදලට ප්‍රතිකාර සිදු කරනවා යැයි චෝදනාවලට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය




වැලිකඩ බන්ධනාගාර රෝහලේ මුදලට ප්‍රතිකාර කිරීමේ ජාවාරමක් සිදුවන බවට සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. 

ඒ අනුව ඊට අදාල තොරතුරු සිය දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට අදාල කමිටුවට දැනුම්දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ.

වැලිකඩ රෝහලට රෝගියෙකු ඇතුළත් කිරීම සඳහා ඉහළ බලධාරියෙකු මුදල් ලබාගෙන ඇති බවට අදාළ කමිටුව චෝදනා කළා. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා.

ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගෙන් ද වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු විමසීමක් කළා.