හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා තිබෙනවා.
ඒ අනුව ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ අදාළ නඩු පවරා ඇති බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.
ඒ, සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීම, සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 360,000ක මුදලක් ආයතනය වෙත ගෙවීම සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 494,000ක මුදලක් හලාවත බැංකුවක ගිණුමකට බැර කිරීමට අදාලවයි.